Thursday, July 24, 2014

කෘෂි භෝග වලින් වාසියි

කෘෂි භෝග වලින් වාසියි
පසුගිය වසරේ කෘෂිකාර්මික බෝග අපනයනයෙන් වාර්තාගත ආදායමක් උපයාගැනීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත් වෙයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර රූපසිංහ මහතා ප්‍රකාශකරන පරිදි පසුගිය වසරේ(2013) කෘෂිබෝග අපනයනයෙන් එම දෙපාර්තමේන්තුව උපයනලද සම්පුර්ණ ආදායම රුපියල් දස ලක්ෂ 48000 කි.
අපනයනය කරන ලද මුළු කෘෂි බෝග ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 57200 කි. ඊට පෙර වසරේ (2012) කෘෂි බෝග මෙට්‍රික් ටොන් 37500 අපනයනය කළ හැකි වූ බවත්, එමගින් උපයන ලද සම්පුර්ණ ආදායම රුපියල් දස ලක්ෂ 35300 ක් වූ බවද හෙතෙම පවසයි. ඒ අනුව සසඳා බලනවිට 2012 වසරට වඩා 2013 වසරේ දි කෘෂි බෝග අපනයනය මගින් රුපියල් දස ලක්ෂ 12700 වැඩිපුර ආදායමක් උපයාගැනීමට මෙම දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
ශ්‍රි ලංකාවේ අපනයන බෝගවලින් කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි හා සාදික්කා සඳහා ප්‍රමුඛතාවය හිමිවේ. ඊට අමතරව කුරුඳු පොතු සහ කොළ තෙල්, පැඟිරි තෙල්, කරාබු නැටි තෙල්, ගම්මිරිස් තෙල්,කරඳමුංගු හා සාදික්කා ආදි බෝග වර්ගවලින් නිෂ්පාදනය කරන ලද තෙල් වර්ග අපනයනය කිරීමද මෙම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව අධ්‍යක්ෂ ජනරාල් අනුර රූපසිංහ මහතා සඳහන් කරයි. තවද, මෙම වසරේ දී වැඩිපුර කෘෂි බෝග ප්‍රමාණයක් අපනයනය හරහා පෙර වසරට වඩා ආදායමක් උපයාගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ඉලක්කය බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර රූපසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment