http://www.divaina.com/2014/07/18/provin09.html

කාබනික පොහොර සහ රසායනික පොහොර යන දෙවර්ගයම යම් ප්‍රමිතියකට මිශ්‍රකර වී වගාවට යෙදීමෙන් වැඩි අස්‌වැන්නක් ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව කරන ලද පර්යේෂණයක දී සොයා ගෙන ඇතැයි බතලගොඩ වී පර්යේෂණායතනය පෙන්වා දෙයි.
එසේම පොදුවේ ඒ සඳහා ආලෝකය, තාපය, යාන්ත්‍රික ආධාරය, නයිට්‍රජන්, පොස්‌පරස්, කාබනික ද්‍රව්‍ය යන සාධකද බලපාන බව කියා සිටින එම පර්යේෂණායතනය ඊට කාර්යක්‌ෂම පොහොර භාවිතයද බලපාන බවද එම පර්යේෂණයේ දී අනාවරණය වී ඇති බවද සඳහන් කරයි.
වඩාත් වැදගත් වන මෙම සාධකය එනම් කාර්යක්‌ෂමව පොහොර භාවිතයෙන් වගාවට යොදන පොහොර ප්‍රමාණය අවම කිරීම, වගා වියදම් අවම කර ගැනීම, විදේශ විනිමය පොදුවේ ඉතිරි කර ගැනීම, පරිසර දූෂණය නැතිකර ගැනීම මෙන් මතු සඳහන් කළ ආකාරයට ඵලදායී වී අස්‌වැන්නක් ලබාගැනීමට හැකි වන බව බතලගොඩ වී පර්යේෂණායතන පාංශු විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර තිබේ.
නමුණුකුල - යූ. බී. පල්ලේගෙදර
No comments:
Post a Comment