මාතර ගොවීන්ගේ ගැටලු සඳහා පර්යේෂණ අරඹයි
හෙක්ටර්
කොබ්බෑකඩුව ආයතනය මඟින් ජාතික ගොවි සතියට සමගාමීව ගොවි සංවිධාන නායකයන්
සඳහා වූ පුහුණු වැඩසටහන් 22ක් සහ ගොවි ජනතාවගේ ගැටලු හා ප‍්‍රාදේශීය
සංවර්ධනයට අදාළව පර්යේෂණ වැඩසටහන් 3ක් ක‍්‍රියාත්මක කර ඇත.
ඒ අනුව ගොවි සංවිධාන සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ පිහිටි සියලු ම ගොවිජන සංවර්ධන බල ප‍්‍රදේශයන්හි පිහිටි ගොවි සංවිධානවල නායකයන් එනම් සභාපති, ලේකම් හා භාණ්ඩාගාරිකවරුන් සඳහා පුහුණු වැඩසටහන් 22ක් සංවිධානය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් ක‍්‍රියාවට නංවන පර්යේෂණ වැඩසටහන් අතර මාතර දිස්ත‍්‍රික්කයෙහි ගොවීන් මුහුණපාන කෘෂිකර්මාන්තය හා ඔවුන්ගේ ජීවන තත්ත්වයට අදාළ ගැටලු පිළිබඳව අධ්‍යයනයක් සිදු කෙරේ. ගොවීන්ගෙන් ඔවුන්ගේ ප‍්‍රදේශවල පවත්නා ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදු කරනු ඇත.
නිල්වලා ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පවතින ඉඩම්වලින් දැනට වගා කිරීම සිදු නොකරන ඉඩම් නැවත ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග හඳුනාගැනීම සඳහා අධ්‍යයනයන් සිදු කිරීමට ද හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය සැලසුම් කර තිබේ. මෙහිදී අදාළ පාර්ශව, ආයතන හා ගොවීන්ගේ යෝජනා සලකා බැලීම තුළින් ජල කළමනාකරණය විධිමත් කිරීමටත් ප‍්‍රදේශ සඳහා උචිත විකල්ප බෝග හා සත්ත්ව පාලන ක‍්‍රම හඳුනා ගැනීමටත් කටයුතු කෙරේ. මෙම වැඩසටහන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.
NDH
No comments:
Post a Comment